එක දවසක් උදේම තාත්තා ඉස්සරහ වත්තේ වලක් කප කප ඉදල ආරක්ෂාවක් කරන්න.මිනිස්සු දෙන්නෙක් එනවලු ගෙදර පට්ටට.එයාල ඇවිල්ල තියෙන්නේ ගුරුන්නාන්සේ හම්බ වෙන්න.ඉතින් ඒ මිනිස්සු හිටපු විදිහට තාත්තාට තෙරුනලු ඒ මිනිස්සු සැහෙන්න අසරණ වෙලා කියල.ඉතින් මිනිස්සු අඬ අඬ ගුරුන්නාන්සේට විස්තරේ කිව්වලු.එයාගේ ගෙදර පොඩි දුව.පොඩි දුව කිව්වට වයස 18 ක්ලු.ඉතින් දැන් දවස් 5ක ඉදල ඒ කෙල්ල එක දිගට කැහ කැහ වමනේ දානවලු.දොස්තරලා ගාවට ගිහිල්ලත් කිසිම වෙනසක් නෑලු. ඉතින් ගුරුන්නාන්සේ ටිකක් කල්පනා කරලා බලල කිව්වලු තාත්තට කොලුවෝ අඩුම කුඩුම ටික ලෑස්ති කරපන්.හවසට ගමනක් තියෙනවා යන්න කියල.ඔන්න ඉතින් ගුරුන්නාන්සේ හවස් වරුවේ ලෑස්ති වෙලා ගියාලු ඒ කෙල්ලගේ ගෙදරට.ගිහිල්ල මතුර මතුර දුම් අල්ල අල්ල වත්ත වටේම ගිහිල්ල.ඔය ඔක්කොම ඉවර වෙනකොට ර ත විතර ඇතිලු.ඉතින් දැන් ගියාලු කාමරේ ඉන්න කෙල්ල ගාවට.ඔලුවට අත තියල පටන් ගත්තලු මතුරන්න.එක පාරටම කෙල්ලගේ හැසිරීම වෙනස් වෙන්න ගත්තලු .කෑ ගහන්න ගත්තලු මාව ඇතරපන් කියල.දැන් තාත්තටත් මාර බයයිලු. ඔය සිද්දිය වුනේ ගිය අලුතලු.ඉතින් ගුරුන්නාන්සේ ටික ටික විස්තර ඇහුවලු.ඒ පෙරේතය මුකුත් කියන්නෙම නෑලු.බලනකොට අගට ඇවිල්ල තියෙන්නේ කෙල්ලගේ මැරිච්ච ආච්චිලු.ඉතින් ගුරුන්නාන්සේ හෙමින් කිව්වලු උට යන්න කියල.ඌ යන්නෙම නෑලු.ඉතින් ඊට පස්සේ ගුරුන්නාන්සේ මතුරන සද්දේ වැඩි කලාලු.
එක පාරටම කෙල්ලගේ ඔලුවෙන් කෙස් ගහක් ගලවල ගැටයක් ගැහුවලු.ඒ එක්කම අර කෙල්ල සිහි නැතුව වැටිලා.ඊට පස්සේ ගුරුන්නාන්සේ තාත්තට නුලක් දීල කිව්වලු.කනත්තට ගිල්ල මුව දල එමු.තව තාත්තට කියල දීපු මන්තරයක් තිබ්බලු,එක කියා කියා ගුරුන්නාන්සේගේ පස්සෙන් එන්න කිව්වලු.මන්තරේ ඉවර වෙන හැම පාරම අර නුලෙන් ගැටයක් ගහන්න කියල.මොන දේ ඇහුනත් පස්ස හැරිලා බලන්න එපා කියල.
ඊට පස්සේ ගෙදර කට්ටිය ගාවට ගිහිල්ල කියල අපි එනකන් ගෙදර කට්ටිය ඇහැරිලා ඉන්න.ගෙදර මුළු හතරේ පිරිමි 4 දෙනෙක් නිදා ගන්නේ නැතුව ඉන්න කියල.
දැන් පිටත් වුනාලු කනත්තට යන්න.ගුරුන්නන්සේත් අර කෙස් ගහ අතේ තියාගෙන මතුර මතුර යනවලු.තාත්තත් දැන් මන්තරේ මතුර මතුර නුල ගැට ගගහ යනවලු.කනත්ත තියෙන්නේ වෙළෙන් එහා පැත්තෙලු.යන්න රබර් වත්තක් පනින්න තියෙනවලු.දැන් තාත්තා වෙව්ලනවලු.ඇයි ඉතින් රබර් වතුවල නයි පොලොන්ගුත් ඉන්නවනේ,වත්තේ මද හරියට එනකොට.පිටි පස්සේ ඇහෙනවලු වේලිච්ච රබල කොළ පාගාගෙන හෙන සෙට් එකක් එනවා වගේ.හරියට නිකන් අලි ගස් පතුරු පොඩි කරනවා වගේ නිකන් කන ළඟ වගේලු.ඉතින් මොන දේ වුනත් පස්ස හැරිලා බලන එපා කියල කිව්වනේ.තාත්තත් හිත හයිය කරගෙන මතුරනවලු.ගුරුන්නාන්සේට ගානක් නෑලු.මතුර මතුර යනවලු.ඉතින් තාත්තා ඔහොම සද්දෙත් එක්ක යනකොට ආවලු.වෙලා අයිනට.එක පාරටම සද්දේ අඩු වුනාලු.හිත ගනිල්ලකෝ හඳ එළියෙන් විතරක් පර බලාගෙන බුතයෙකුත් අතින් අරන් මතුර මතුර අනිත් බුතයොත් එක්ක කනත්තට යනකොට දැනෙන සනීපෙ.
වෙලේ යද්දී දැන් ඇහෙනවලු පිටි පසේ චෝර චෝර ගල මද පාගන සද්දේ.අගේ හැප්පෙන්න වගේ එනවලු.ඒ පාරනම් තාත්තගේ හිත ටිකක් ගස්සුනලු.බයටටත් එක්ක තාත්තගේ මන්තරේ මතුරන සද්දේ වැඩි වෙලා ගුරුන්නාන්සේ යන ගමන්ම කිව්වලු.'කොලුවෝ බය වුනාද බය වෙන්න එපා උන් මුගේ යාළුවොනේ,උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ.ඔය නිකන් බය කරන්න එන්නේ.උබ බය නැතුව වරෙන්' . දැන් ඔන්න ඔය සද්දෙත් එක්කම කනත්තත් අවාලු.ඉතින් තාත්තත් අර නුලේ ගැට ගොඩක් ගහල.ඊට පස්සේ අර කෙස් ගහත් අරන් නුලේ ගැටයක් ගහල මතුරලා දැම්මලු ගහක බෙනයක් අස්සට.ඊට පස්සේ ගෙදර අවෙත් අර අපු පාරෙන්මලු.ගුරුන්නාන්සේ කිව්වලු.එහෙම බෙනයක් අස්සට දැම්මම ගහ වැවෙද්දී ඒ ගහටම අර බුතයව බන්දනය වෙනවලු.එන ගමන් බැලුවාලු අර සද්දේ ඇහිච්ච හරියේ මෙලෝ යකෙක් නෑලු.හිටිය බවට සලකුණක්වත් නෑලු.ඉතින් අර කෙල්ලගේ ගෙදරට ගිහිලා.තෙල් ටිකක් මතුරලා කෙල්ලගේ ඔලුවේ ගාල.ඊට පස්සේ නුලකුත් මතුරලා දාල.කම කාලා එහෙම එලියට බහිද්දී රෑ 1 විතර ඇති.ගෙදර බුදු පහනෙන්ම තෙල් ටිකක් අරන් ගුරුන්නාන්සේ ගෙදර හැමෝගෙම ඔලුවේ ගාල තාත්තගේ ඔලුවෙත් ගාල.ඊට පස්සේ ගියාලු ගෙදර .ගෙට ගොඩවෙද්දීම කිව්වලු.කොල්ලෝ හෙට උදේ වෙනකන් තනි පංගලමේ එලියට බහිනවා එහෙම නෙමෙයි කියල.

EmoticonEmoticon