හොල්මන් කතා
මේක උනෙ පේ*** කියන ගමෙ.
වෙච්චි සන්වාද එහෙම්ම ම දාන්නම්. නම් ගම් මනඃකල්පිතයි.
සුනිල් අවෘදු ගානක් පිටරට ක වැඩ කරල ලන්කාවට ආපු දවසෙම මල්ලිගෙ මොටර් බයික් එකෙන් ගමෙ හිටිය නෑදැයො බලන්න ගියා.ඔය ගමෙ මෙ කියන කාල වකවානුවෙ බොහොම ගුප්ත බවක් තියෙනවා. පාලුවට ගිය තැන් ගොඩයි. දිය පහරත් අමුතුම හැඟීමක් ඇතිකරනවා.(ඒකත් එක්ක බැදුන කතාත් ගොඩයි) මෙහෙම බයිසිකලෙ ගිය සුනිල් ආපහු එනකොට රාත්‍රි 8.30 / 9 විතර වෙලා.
එ එනකොට වීසින්හ ආච්චි උදැල්ලකුත් අරගෙන පයින් එනවලු.කාත් එක්කත් හොදට කතා කරල ඉන්න සුනිල් බයික් එක නවත්තලා කතා කරල. වෙනදට හොදට හිනා වෙලා කතා කරන වීසින්හ ආච්චි කතා කරන්නෙ අහක බලාගෙන කියල සුනිල්ට හිතුනත් එ ගැන වැඩිය හිතල නැ.
"කලුවරෙ තනියම යන්න ඕනෙ නැ ආච්චි යමු මාත් එක්ක" බයික් එකට නග්ගාගෙන ඇවිත්. එ ආච්චිලාගෙ ගෙදරට කලින් එයාලගෙ වත්තක් තියෙනවා.ඔය වත්ත පටන් ගන්න තැන ලොකු සියඹලා ගහක් එහෙමත් තියෙනවා. එ හරිය හරිම අදුරුයි.
"පුතෙ මාව මෙතනිඉන් බස්සලා යන්න " කියල ආච්චි කියලා.
"ඒත් ආච්චි මෙතන ඉදලත් සැහෙන්න පයින් යන්න එපායෙ"
"පුතෙ මට වත්තට යන්න ඕනෙ"
කොහොම හරි එතනින් බැහැගෙන.
සුනිල් ගෙදරට ගිහින් ගෙදර කට්ටියට
"අම්මෙ වීසින්හ ආච්චිට පිඋද මන්දා, මෙ රැ උදැල්ලකුත් අරගෙන වෙලට යන්න" කියනකොට ගෙදර හිටිය අය ඔලුවෙ අතගහගෙන.
ඔය කියපු ආච්චි මැඉලා එ වෙනකොට අවෘද්දක් ගිහින්. එයා බැඅහැපු තැන(වත්තෙ කෙලවර ) තම භූමිදානය කරල තියෙන්නෙ.
මේක දැනගත්තට පස්සෙ සුනිල්ට හොදටම උන අරගෙන. විකාරයක් වෙලා.
මේ දෙ වෙලා දැන් අවෘදු 10ක් 12ක් වෙනවා.
මෙ වෙනකොත් විටින් විටෙ එයාගෙ දරුවො මාරුවෙන් මාරුවට් පිස්සු නටනවා. අන්තිමට වැහුනෙ පොඩි පුතාට.එ වෙලාවෙ පුතා හිටියෙ චීත්තයකුත් ඇදගෙන.
හූ................. හූ...................... හූ..................

EmoticonEmoticon