හොල්මන් කතා


මුලින්ම කියන්න ඕනේ මේ සිදිදිය උනේ කාළෙකට ඉහත (2010) විතර මගේ යාලුවෙක් ගෙ ගෙදර.හෝමගම පැත්තෙ.ඉතින් මේ මගේ යලුවගේ නම රසික.මූ මගේ බොක්කක්.මුන්ගේ අම්මල තාත්තලා අයියල හෙන ආගම් කාරයෝ.පන්සලේමයි.මමත් ඉස්සර ක්ලාස් කට් කරලා,ගෙදර පාඩුවේ ඉන්න වෙලාවට ඉතින් මුන්ගේ ගෙදරම තමයි.දවසක් එහෙ ඉද්දි එහෙට ආව ඇන්ටි කෙනෙක්.පස්සෙ තමයි මම දන්නේ මේ දේව ආරූඩයෙන් ආරක්ෂා අනම් මනම් කරන කෙනෙක් කියල.කතා බහෙන් නම් මට එච්චර ඇල්ලුවෙ නෑ.එත් උන්ට හොද නම් මට මොකෝ.මම අහුවා රසිකයගෙන් උබලගේ මොනව ආරක්ෂා කරන්නද ඒ ඇන්ටි ඇවිත් ඉන්
නේ කියල.අරූ ඉතින් හෙන පණ්ඩිතයා.හා හා එයා ඇන්ටි නෙමෙයි දේව මෑණියෝ ලු.මට ඉතින් කියන්න හිතුනා.කමක් නෑ.ඔන්න දැන් මුන්ගේ ගේ ආරක්ෂා කරන්නලු ඇවිත් තියෙන්නේ.කට්ටිය කතා වේලා දිනේකුත් දා ගත්තා.මූ දැන් මටත් එන්නලු සීන් එක දවසට.මට තනියම එන්ටර් වෙන්න බැරි නිස මම අපේ තවත් යාලුවෙක් සෙට් කරන් ගිය වැඩෙට.උන්ගේ ගෙදර පහල අයියා කෙනෙකුත් අපිත් එක්ක සෙට් වෙලා අපි තුන්දෙනා එලියට වෙලා හොල්මන් කතා කිය කියා හිටියා.අරු ඉතින් සිය පවුලත් එක්ක මන්තර ජප කරනව අහනවා.ඔන්න දැන් අපෙන් හෙල්ප් එක ඕන වෙලාව ආවා.මොනාද මන්දා මුට්ටි වගයක් ගේ හතර කොනේ වල දැම්මා. ගේ ඇතුලෙත් මුට්ටි එල්ලනවා කියල අහල තිබුනත් මේ ආපු ඇන්ටි එල්ලුවේ තඩි පොල් ගෙඩි.දැක්කමයි මම ගේ ඇතුලෙ පොල් එල්ලනවා.කුරුණෑගල පැත්තේ ගෙයක් වගේ. හී හී.ඔන්න දැන් තමයි රසබර හරිය.ඔන්න මේ ගෑනී.(ගෑනි කිව්වේ දේව මෑනියෝ) පන්දමකුත් අරන් ගේ වටේ යනවා.මගේ යාලුවා රසික දුම්මල ගොට්ට අරන් දේව මෑනි පස්සෙන් යනවා.හොදටම ආවේස වෙලා.මොනව කියනවද කියල මුකුත් තේරෙන්නේ නෑ.අපිට මොකෑ.ඔන්න දැන් ගේ පිටිපස්සේ පැත්තේ හරියෙන් යන්නේ.මුන්ගේ ගේ පිටිපස්සේ වැල ගහක් තිබ්බා.අම්බානෙක වැල වටෙනවා.මෙලෝ රහක් නෑ.තඩි සයිම් මෑස්සෝ නිකන් මාළු මර්කට් එක වගේ.ඔන්න දේව මෑනියෝ පන්ද්මත් අරන් වැල ගහ යටින් යන ගමන් වැටිච්ච වැල ගෙඩියක් පෑගිල පත කබරයා පොලවේ ගැහුවා වගේ ඇදන් වැටුනා.වැටුනා විතරයි අර අතේ තිබ්බ පන්දම උඩ ගිහින් එයාගේ ඇගටම වැටුනා.මුකුත් නෑ වැටෙද්දිම අම්මට හු*&^%$# කියාගෙන වැටුනේ.අර පන්දම වැටුන විතරයි මෑණි කොහෙන් ගියාද නෑ.අර ආවේස ගතිය ඔක්කොම ඉවරයි.අනේ පුතේ අනේ පුතේ කොන්ද කොන්ද කියාගේන කොන්ද අල්ල ගත්තා.එහෙන්ම ගෙට උස්සන් ඇවිත් මෑනියන්ගේ ආරක්ෂාව අපි කලා.අරූගේ ගෙදර කට්ටියට පුල් අප්සට් එක.ඒ මදිවට අරූට වස ලැජ්ජාව ඌ මට දීපු පොර ටොක්ස් වලට.
මමත් ඌ දිහා බළ බළ නක්කලේට හිනා වෙනවා.එතනින් ඒ ආරක්ශාවත් ඉවර උනා.මමයි මගේ යාලුවයි මහ රෑම ගෙවල් වල ගියා හිනා වෙවි.පුල් ෆන් එක.
Previous
Next Post »